Thursday, January 01, 2026
Follow Us
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් දරුණු තීරණයක් ගනී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරටදී විසඳුමක් නොලැබුණහොත් ජාත්‍යන්තර සංවිධාන හරහා හෝ විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පැවසුවේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාස්වහන්සේ දැනුවත් කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි.

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු හෙළිදරව් කළ ෂෙහාන් මාලක ගමගේ නමැති එම සිවිල් ක්‍රියාකරු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉකුත් අගෝස්තු මස 17 වැනිදා කතෝලික ගිහි සංවිධානය මගින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී, ඔහු මේ පිළිබඳ අදහස් පළ කර තිබුණා.

(Neth)