සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද 09 වන දිනටත් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ විෂය භාර අමාත්‍යවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡවේදී එකඟවූ කරුණු තම සංගමයට ලිඛිතව ලබාදෙනතුරු මෙම වර්ජනය අත්නොහරින බවයි.
අද පෙරවරු 09 ට රැස්වන විශේෂ විධායක කමිටු රැස්වීමේදී එහි සාමාජිකයින් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර වර්ජනය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි ඔහු පැවසුවේ.
වැටුප් ගැටලුව ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති මෙම වැඩවර්ජනය ආරම්භ කළේ ඉකුත් සඳුදා දිනයේයි. මේ වන විට මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති පසුබිමකයි.
සෞඛ්‍ය වෘත්තිය සමිති සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත්තේ ගුරු සේවාවට සාපේක්ෂව සෞඛ්‍ය වෘත්තියවේදීන්ට මතුව ඇති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවටයි.
(Neth)