Tuesday, July 08, 2025
Follow Us
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

ඖෂධ වෙළෙඳසැලක සේවය කරන සේවකයෙකු


වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටිමින් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවිකළ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ (14) පස්වරුවේ එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ නිවසක සිට වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රොගීන්ට ප්‍රතිකාර ද සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අතරතුර තරුණයන්ට මෙලෙස මත්පෙති අලෙවි කර ඇත.

එම අවස්ථාවේ දී ඔහු සතුව තිබී මත්පෙති 338 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්පෙති ලබා ගැනීමට පැමිණ සිටි තරුණයන් දෙදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ සැකකරු හැටන් කොටගල ප්‍රදේශයේ ඖෂධ වෙළෙඳසැලක සේවය කරන සේවකයෙකු බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා දිඹුල පතන පොලීසිය වෙත භාර දී තිබේ.

(Aruna)