Monday, February 23, 2026
Follow Us
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක්

අද (14) අළුයම් කාලයේදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වනවා.

මෙම අවස්ථාවේ දී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම නිවසෙහි සිට ඇති අතර එම ගල් ප්‍රහාරය හේතුවෙන් නිවසට සුළු අලාභහානි වී ඇති බවට වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන කටයුතු පිලියන්දල පොලිස්ථානය විසින් සිදු කරනු ලබන අතර සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැත.

(Neth)