Tuesday, July 08, 2025
Follow Us
දෙකෝටියකට අධික විෂ මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

මන්නාරමේ විශේෂ STF මෙහෙයුම


පොලිස් විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන් ලද තෙරතුරකට අනුව (13) දින මුහුදු මාර්ගයෙන් රැගෙන ආ සින්තටික් වර්ගයේ විෂ (අයිස් ) මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට සූදානම් කරමින් සිටියදී විශේෂ කාර්ය බලකායේ මන්නාරම ප්‍රදේශයේදි සංවිධානාත්මක අපරාධ 2 නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පංදිචි වයස අවුරුදු 33 හා 45 වයසේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දීර්ඝ කාලයක් මුලුල්ලේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හරින ලදී.

මෙම සිදුවීම සම්බන්ධව විශේෂ කාර්ය බලකාය සහ මන්නාරම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික ප්‍රමාණයක් වේ.

(Aruna)