අද ශ්‍රී ලංකාවේ මැච් එකේ සිදු වුණු දේ
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (13) පැවැති පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවිය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් පිටියට පිවිසි අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය සුපර් ඕවරයේදී රැස්කළේ ලකුණු 5ක් පමණි.
නමුත් ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 6 පන්දු 3ක් තුළදී ලබාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණි.
සිඩ්නි ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි 20/20 තරගයේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තේය.
ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 48ක් රැස්කළ අතර නායක ආරොන් ෆින්ච් 25ක් රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කඩුලු 2ක බැගින් දවාගත් අතර නුවන් තුෂාර සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 164 රැස් කළේය.
ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 73ක් රැස්කළ අතර නායක දසුන් ශානක ලකුණු 35ක් රැස්කළේය.
ඒ අනුව තරග 5කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම පෙරමුණ ගෙන සිටී.
(Aruna)