Tuesday, July 08, 2025
Follow Us
වර්ජනය අත්හල හෙද නිලධාරීන් සේවයට වාර්තා කරයි - සෙසු වෘත්තීය සමිති 07 වන දිනටත් වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මකයි. අධිකරණය ලබා දුන් වාරණ නියෝගයට ගරු කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ පස්වරුවේ එම වර්ජනයෙන් ඉවත් වීමට තීරණය කළා.

මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියටයි.

ඒ අනුව වර්ජනයෙන් ඉවත් වීමෙන් පසු සිය සංගමය නියෝජනය කරන හෙද නිලධාරීන් සේවයට වාර්තා කිරීම ආරම්භ කර ඇති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ.

කෙසේවෙතත් රෝගී සත්කාරක සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ද නොතකා සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති මේ වන විට අඛණ්ඩ වර්ජනයේ නිරත වනවා.

(Neth)