Monday, February 23, 2026
Follow Us
ශ්‍රීලන්කන් ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වැඩපිළිවෙලක් අරඹයි

නීත්‍යානුකූල නොවන කප්පාදු කිරීම්වලට සාධාරණ විසදුමක් ඉල්ලයි


ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් ඉටුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය පැවසුවේ අනුමත වාර්ෂික නිවාඩු සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනයන්හි රාජකාරී කටයුතු කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් 18 දින සිට ශ්‍රීලන්කන් ගුවන් සේවා පරිපාලනය විසින් ගනු ලැබූ නීත්‍යානුකූල නොවන කප්පාදු කිරීම්වලට සාධාරණ විසදුමක් ලබානොදීම හේතුවෙන් ගුවන් නියමුවන් මෙම තීරණය ගෙන ඇත.
එම ඉල්ලීම්වලට සාධාරණ විසදුම් ලබාදෙන බවට ශ්‍රීලන්කන් ගුවන් සේවා පරිපාලනය ලිඛිතව පොරොන්දු වුවද මේ වනතෙක් ඒ සඳහා විසදුමක් ලබා දීමට ඔවුන් අපොහොසත්වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය සඳහන් කළේය.

(Aruna)