තිරිගු පිටි හිගය දිගු කාලයක් පැවතිය හොත් උත්සව සමයේදී ආහාර රැසක මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන් කේ ජයවර්ධන නෙත් නිවුස් වෙත පැවසුවේ තිරිඟු පිටි හිඟයක් මවාපාමින් ඇතැමුන් තිරිගු පිටි ආනයනය කර අධික මිල ගණන්වලට අලෙවි කරමින් සිටින බවයි.
තිරිගු පිටි හිගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළද ඊට මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවටයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
කෙසේවෙතත් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව ලබාදීමට රජය සූදානම් බවයි.
කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්තිවල යම් හිගයක් පැවතිය ද සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් තොග පවතින බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.
(Neth)