Tuesday, July 08, 2025
Follow Us
මෙරට නිපදවූ ප්‍රථම විදුලි යතුරුපැදිය ළඟදීම වෙළඳපොළට

මෙරට තරුණයින්ට සුභ ආරංචියක්


ශ්‍රී ලාංකීය තරුණයෙකු මෙරට ප්‍රථම වරට විදුලි යතුරුපැදියක් නිෂ්පාදනය කර තිබේ.

මීට පෙර ඉන්ධන නොමැතිව ධාවනය කරන ත්‍රිරෝද රථයක් එකලස් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූ තරුණයෙක් වන ඔහු සසිරංග ද සිල්වා වේ.

විදුලි යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කළහොත් කිලෝමීටර 120 ක සම්පූර්ණ දුරක් ධාවනය කළ හැකි අතර උපරිම වේගය පැයට කිලෝමීටර 110 කින් සමන්විත බවයි ඔහු පැවසුවේ.

යතුරුපැදියේ බඳ, චැසිය සහ විදුලි උපාංග දේශීයව නිෂ්පාදනය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

යතුරුපැදිය 2022 අගෝස්තු මාසය වන විට වෙළඳපොළට පැමිණීමට අපේක්ෂා කෙරෙන අතර යතුරුපැදියේ මිල මෙතෙක් අනාවරණය වී නොමැත.

(Aruna)