විදුලිය ලැබෙයිද? නොලැබෙයිද? යන ප්රශ්නයකින් ජනතාවට දිනපතා කාලය ගත කිරීමට සිදුව ඇති පසුබිමක ප්රමාණයටත් වඩා වැඩි වෝල්ටීයතාවයකින් විදුලිය ලැබීම හේතුවෙන් නිවාස රැසක විදුලි උපකරණවලට හානි වූ පුවතක් නෙත් නිවුස් අපට වාර්තා වුණා. ඒ, රාගම පේරලන්ද ප්රදේශයේ.
ප්රදේශවාසීන් පැවසුවේ විදුලි විසන්ධි වී යළි සැපයුම ලැබී කෙටි වේලාවක් තුළ මෙලෙස තම විදුලි උපකරණවලට හානි සිදුවූ බවයි. ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ප්රදේශ භාර විදුලි ඉංජිනේරුවරයා දුරකථනයෙන් ඇමතුව ද ඔහු ඊට ප්රතිචාර නොදක්වන බවත්, සිය නිවාසවල විදුලි උපකරණවලට සිදුවූ හානියට වන්දි ලබාදිය යුතු බවත් ප්රදේශවාසීන් පවසනවා.
(NEth)