Tuesday, July 08, 2025
Follow Us
වාහන මිල ඉහළට

අලෙවි කිරීමේ ව්‍යාපාරය මාෆියාවක්


වාහන ආනයනය නතර කිරීමට පෙර සාමානයෙන් මෙරටට වාර්ෂිකව ආනයනය කළ මෝටර් වාහන, යතුරුපැදි හා ත්‍රීරෝද රථවල මුළු එකතුව වසරකට ලක්ෂ 5කට ආසන්නයි.

ඒ අනුව 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ මෝටර් වාහන ලක්ෂ 25කට වැඩි සංඛ්‍යාවක් ආනයනය කර තිබෙනවා.

කෙසේ වෙතත් වසර 2කට ආසන්න කාලයක් පැවති වාහන ආනයන තහනම නිසා මේ වන විට වාහන වෙළෙඳපොලේ දැවැන්ත හිඩසක් නිර්මාණය වී තිබෙනවා.

මේ වන විට සෑම වාහනයක්ම නොවටිනා මිලකට අලෙවි වන අතර එහි අවසන් ප්‍රථිඵලය වී ඇත්තේ වාහනයක් මිලට ගැනීම තවදුරටත් සිහිනයක් බවට පත්වීමයි.

වාහන ආනයන ක්ෂේත්‍රයේ රැකී රක්ෂා කරමින් යැපෙන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වන අතර ඔවුන්ගෙන් බහුතරයකටද මේ වන විටත් රැකියාවන් අහිමි වී ගිහින්.

මේ වන විට වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරය මාෆියාවක් බවට පත් කරගෙන ඇති බව ද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

(Aruna)