Monday, February 23, 2026
Follow Us
මහ කන්නයේදී හම්බන්තොට අක්කර 12,865 ක වී වගාකර නැතැයි හෙළි වෙයි

2021 - 2022 මහා කන්නයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 5,146 කින් හෙවත් අක්කර 12,865 කින් අඩුවී තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ටී.එච්.අමරසිංහ පැවසුවේ එම ඉඩම්වල කෙසෙල් ඇතුලු අතිරේඛ බෝග වගා කර ඇති බවයි.

සමස්ථයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කිරීමේ ඉලක්කය හෙක්ටයාර් 36,887 ක්. එහෙත් ජනවාරි මාසය අවසන් වන විට වගාකර තිබී ඇත්තේ හෙක්ටයාර් 31,741 ක් පමණයි.

(Neth)