Monday, February 23, 2026
Follow Us
රොෂාන් මහානාම කටුනායක ගුවන් තොටුපලේදි අකරතැබ්බයකට මුහුණ දෙයි

රොෂාන් ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම සුපිරි ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානාම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අකරතැබ්බයකට මුහුණ දී තිබේ.

ඒ, ඔහුගේ පූර්ණ එන්නත්කරණය පිළිබදව ඇතිවැ ගැටළුවක් හේතුවෙනි.

රොෂාන් මහානාම පාකිස්ථානයේ පැවැත්වෙන සුපර් ලීග් තරගාවලියට එක්වීමට එරට බලා යාමට කටුනායකට පැමිණි අවස්ථාවේදී මෙම ගැටළුව ඇතිව තිබේ.
ඇතිවූ එම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් රොෂාන් මහානාම ඔහු සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.

ඔහු සදහන් කර ඇත්තේ තමන් මෙරටදී කොවිඩ් මර්ධනය සදහා වන පළමු මාත්‍රාව ලබාගත් බවයි.

සිය දෙවන සහ තුන්වන මාත්‍රා බ්‍රිතාන්‍යයෙන් ලබාගත් බව ද රොෂාන් සදහන් කර ඇත.

එන්නත්කරණය පිළිබදව තොරතුරු මෙරට සෞඛ්‍ය අංශ විසින් යාවත්කාලීන නොකිරීම හේතුවෙන් තමන් ගුවන් තොටුපොළේදී අපහසුතාවයට පත් වූ බව ද සදහන් කර තිබේ.

(Aruna)