පළිබෝධනාශක ආනයනකරුවෝ කියන දේ
ලබන යල කන්නයේදී පළිබෝධනාශක වර්ගවල මිල සාමාන්‍ය මිලට වඩා සියයට 40-50ත් අතර අගයකින් වැඩි වනු ඇතැයි පළිබෝධනාශක ආනයනකරුවෝ පවසති.
ලෝක වෙළෙඳපොළේ පළිබෝධනාශක වර්ගවල මිල ගණන් ඉහළ යෑම හා ඩොලරයේ වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා මෙම තත්ත්වය ඇතිවන බවද ඔවුහු කියති.
ඇමරිකානු ඩොලරය රුපියල් 200 සිට 250 දක්වා ඉහළ ගියහොත් පළිබෝධ නාශක මිල සියයට විසිපහකින්ද පළිබෝධ නාශක නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල තවත් සියයට විසිපහකින්ද ඉහළ යනු ඇති බවට ඔවුහු පුරෝකථනය කරති.
ඉදිරි යල කන්නයට අදාළව පළිබෝධ නාශක ආනයනය සඳහා රජය අවසරය ලබා දුන්නද වල්නාශක ආනයනය සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර අදහසක් ඉදිරිපත්ව නැති නිසා යල කන්නයේදී වී අස්වැන්න පිළිබඳ බරපතළ තත්ත්වයක් උද්ගතවනු ඇතැයිද ඔවුහු පවසති.
යල කන්නයේ පළිබෝධ නාශක සහ දිලීරනාශක අවශ්‍යතාවෙන් සියයට තිහක් පමණක් ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබෙන නමුත්, එය රටේ අවශ්‍යතාවයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද අනායනකරුවෝ කියති.
(Aruna)