නායයෑම් සිදුවීම වළක්වා ගැනීමේ සැලසුම් තවම ක්‍රියාත්මක නෑ
ඉදිරි අන්තර් මෝසම් කාලවලදී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ යළි නාය යෑමේ අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
පහළ කඩුගන්නාව 98 වැනි කිලෝමීටර් කණුවට ඉහළින් පිහිටි ප්‍රදේශය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී නාය ගොස් තිබිණ. මාර්ගයට ඉහළින් අඩි 100 ක පමණ කොටසක් පහළට තෙරපීමෙන් මෙම නාය වර්ධනය වී තිබුණි.
මෙම ස්ථානයේ නායයෑම් සිදුවීම වළක්වා ගැනීම සඳහා සැලසුමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට ඉකුත් දෙසැම්බර් මාසය මුලදී ලබාදී ඇතත් එම සැලසුම මෙතෙක් ක්‍රියාත්මක නොවන බවද පැවසේ.
නාය යෑමට ලක් වූ ප්‍රදේශය ආශ්‍රිතව නාය යෑම වැළැක්වීමට බැම්මක් ඉදිකිරීම ඇතුළු යෝජනා කිහිපයක් සහිත සැලසුමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති අතර මෙම ප්‍රදේශය ආශ්‍රිතව හදිසි සංඥා පද්ධතියක් සවි කිරීමටද එම සංවිධානය යෝජනා කර තිබේ.
නයායෑම් වැළැක්වීමට කඩිනම් පියවර නොගතහොත් අප්‍රේල් හා මැයි මාසවලින් අන්තර් මෝසම සක්‍රිය වීමෙන් යළි නාය යෑමට හැකි බව ජාතික ආරක්ෂාව සහ අපාදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත
(Aruna)