Wednesday, October 23, 2024
Follow Us
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් තද වැසි

සබරගමුව පළාත, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරය, මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 70 – 80 දක්වා වැඩිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළ අතර අනුරාධපුරය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බවත් ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(Aruna)