Tuesday, July 08, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

දැනුම්දීමක් නොකිරීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට


ප්‍රදේශ කිහිපයක පසුගිය 2වනදා සිට ජල සැපයුම අත්හිටුවා ඇති බවට වාර්තා වනවා.

කුණ්ඩසාලේ, බලගොල්ල සහ පල්ලකැලේ ආදී ප්‍රදේශවලට එලෙස පසුගිය 2වනදා සිට ජල සැපයුම අත්හිටුවීම නිසා ජනතාව පීඩාවට පත්වී සිටිනවා.

වික්ටෝරියා ජලාශය භාර නිලධාරියෙක් පැවසුවේ ජලාශයේ ජල මට්ටම අඩුවීම නිසා බලගොල්ල පවිත්‍රාගාරයට ජලය සැපයීමට නොහැකි වී ඇති බවයි.

ඒ හේතුවෙන් ජනතාවට සිදුව ඇත්තේ ජල බෝතල් මිලට ගැනීම හෝ දිගු දුරක් ගෙවා ළිං ජලය සපයා ගැනීමටයි.

විදුලි ජනන කටයුතු සහ වගා කටයුතු සඳහා වික්ටෝරියා ජලාශයෙන් ජලය නිකුත් කිරීමෙන් එහි ජල මට්ටම අඩුවී බලගොල්ල පොම්පාගාරයට ජලය සැපයීමට නොහැකි වී ඇති අතර එය අක්‍රීය වී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

කිසිදු දැනුම්දීමකින් තොරව මෙලෙස ජල සැපයුම අත්හිටුවීම හමුවේ තවත් දැඩි අපහසුතාවයට පත්වී සිටින බව ජනතාව සඳහන් කළා.

(Aruna)