Wednesday, October 23, 2024
Follow Us
අද සිට යාල වැසෙයි

යාල ජාතික වනෝද්‍යානය අද (01) සිට මස දෙකක පමණ කාලයක් දක්වා සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් සදහන් කරයි.

සෑම වර්ෂයකදීම මේ ආකාරයෙන් උද්‍යානය වසා දැමීම සිදුකරනු ලබන අතර රුහුණු (යාල) ජාතික උද්‍යානයේ වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස උද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබෙනු ඇත.

කෙසේ නමුත් මෙවර රුහුණු (යාල) ජාතික උද්‍යානය වසා දැමීම තුලින් තමන්ගේ ජීවන තත්වයට දැඩි පහරක් එල්ල වන බව යාල ජාතික උද්‍යානයේ සෆාරි ජීප් රථ සංගමය පවසා සිටියි. එයට හේතුව පසුගිය මස කීපය තුළ ආරක්ෂක හේතුන් මත වනෝද්‍යානයට සංචාරකයින් නොපැමිණීම හේතුවෙන් හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ලක්වී සිටීම බව ඔවුන් පෙන්වාදෙයි.

(LNW)