Wednesday, October 23, 2024
Follow Us
රියදුරන් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ යුතු අයුරු ගැන ගෝඨාගේ මතය

ජාතික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනය සහ යල් පැනගිය නීතිරීති යාවත්කාලීන කිරීම ඉදිරියේදී සිදුකළ යුතුව ඇතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

කොළඹ පැවති ශී‍්‍ර ලංකා පොදුජන නීතිඥ සංගමයේ මහා සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ තී‍්‍රරෝද රථ රියදුරු සංවිධායක හමුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ (31) පැවැත් වුණා. එහිදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ රියදුරන් සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමේදී පොලිස් නිලධාරීන් සංවේදීව කටයුතු කළ යුතු බවයි.

(Neth)