Thursday, September 18, 2025
Follow Us
අභිරහස් බංකරයක් මතුවෙයි

පොලිස් විශේෂ කාර්ය සිදුකළ වැටලීම


රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත පාර ප්‍රදේශයේ නිවසකින් සොයාගනු ලැබුවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ (01) මෙම වැටලීම සිදුකර ඇති අතර, අදාළ නිවසේ බංකරයක් සකසා ඒ තුළ සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය ගබඩා කර තිබෙනවා.

නවීන තාක්ෂණයෙන් යුත් විද්‍යුත් තරාදියක් මෙන්ම ජංගම දූරකථන දෙකක් ද මෙම වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇති අතර, එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

(Aruna)