Thursday, September 18, 2025
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමට තවත් වසරක කාලයක්

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් අදාළ මුහුදු ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා තවත් වසරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අනතුර සිදුවී මාස 07 ක් ගතවී ඇතත් තවමත් මෙරට ඇතැම් වෙරළ තීරයන්ට නෞකාවේ සුන්බුන් ගොඩගසන ආකාරය කිහිප අවස්ථාවකදීම නිරීක්ෂණය වුණා.

කෙසේවෙතත් නෞකාවේ ඉතිරි වී ඇති සුන්බුන් ඉවත් කිරීම අඛණ්ඩව සිදුවන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශණී ලහඳපුර පැවසුවේ.

නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට හිමිවිය යුතු සම්පූර්ණ වන්දිය මෙතෙක් ලැබී නොමැතිවීම සම්බන්ධයෙන් ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශණී ළහදපුරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 3 යි දශම 6 ක වන්දි මුදලක් මේ වන විටත් ලැබී තිබෙනවා.

දෙවන අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 2 යි දශම 1 යි 5 ක වන්දි මුදලක් ලැබීමට නියමිතයි.

(Neth)