Monday, July 07, 2025
Follow Us
වසර අවසානයේ කොවිඩ් සුනාමියක් ?

රෝග ලක්ෂණ නැති කොවිඩ් ආසාදිතයින් අතිවිශාල පිරිසක් සමාජයේ ඉන්නවා

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් කළ ඉල්ලීම
රෝග ලක්ෂණ රහිත කෝවිඩ් ආසාදිතයන් අතිවිශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ පැතිර ඇති බවට පිළිගෙන ජනතාව කටයුතු කළ යුතු බවයි.
ඔමික්‍රෝන් ප්‍රභේදය මේවනවිට සමාජගතව තිබේද හෝ පොකුරක් ලෙස පවතීද යන්න පිළිබඳ විද්‍යාත්මක සනාථ කිරීමක් මෙරට තුළ තවමත් සිදු කර නොමැති බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)