Monday, February 23, 2026
Follow Us
IDH රෝගීන් ගෙන් පිරේ

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක් රෝහලේ


අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

කොවිඩ් රෝගීන්ට අමතරව ඩෙංගු රෝගීන් තිස් දෙනෙකු ද රෝහලට ඇතුළත් කරගෙන සිටින බව ඔහු සඳහන් කරයි.

රට පුරා කොවිඩ් සීඝ්‍ර පැතිරීමක් පෙන්නුම් කෙරෙන හෙයින් රෝගීන් ඉදිරියේදී තවත් වැඩි වැඩිවිය හැකි අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)