ගර්භණී හෙදියන් කොවිඩ් ආසාදිතයින් බවට පත්වීම ඉහළ යමින් ඇතැයි සමස්ථ ලංකා හෙද සංගමය පවසනවා. මේ වන විට ලැබී ඇති දත්තවලට අනුව ගර්භණී හෙදියන් 25 කට කොවිඩ් ආසාදනයවී ඇති බවටයි පැවසෙන්නේ. මෙම තත්ත්වය සලකා ගර්භණී හෙදියන්ට මෙන්ම කුඩා දරුවන් සිටින හෙදියන් පිළිබඳව ද රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි සමස්ථ ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස් බී මැදිවත්ත පැවසුවේ.
මේ වන විට රෝහල් කාර්යමණ්ඩලයට පවා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සොයාගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ ගර්භණී මව්වරුන් 500 කට පමණ මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
දෙවන කොවිඩ් මාත්‍රාව ලබාගැනීමෙන් මාස 03 කට පසු සියලුම ගර්භණී මව්වරුන්ට බූස්ටර් එන්නත ලබාගත හැකි වුවත් එන්නත ලබාගැනීමට පැමිණෙන මව්වරුන්ගේ අඩුවක් ඇති බවයි ඇය පැවසුවේ.
(Neth)