Monday, July 07, 2025
Follow Us
විවාහ වෙන්න සුදුසු වයස ගැන යෝජනාවක්

ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරයි


ගැහැණු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 21 හෝ 25 කළයුතු බවට මුස්ලිම් කාන්තාවන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මුස්ලිම් කාන්තා සංවිධානයන් විසින් අදාළ යෝජනාව “එක් රටක් එක් නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායට ඉදිරිපත් කර ඇති බව වාර්තා වන්නේ.

මුස්ලිම් කාන්තා සංවිධානයක් නියෝජනය කරමින් වෛද්‍ය මරීනා රිෆායි සහ මාධ්‍යවේදීනී සුබා කාසීම් ඇතුළු පිරිසක් පසුගියදා ජනාධිපති කාර්ය සාධක බළකායට සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔවුන් විසින් කාති උසාවි ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සිදුකර ඇති අතර එහි පවතින අඩුපාඩු වහා සංශෝධනයට ලක්විය යුතු බව පෙන්වා දුන්නා.

වි‍ශේෂයෙන් කාතිවරුන් වීමට සුදුසුකම් නොමැති පුද්ගලයින් එම තනතුරට පත්කිරීම එම ගැටලුවලට හේතුව බවයි ඔවුන් පවසන්නේ.

ගැහැණු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධවෙන් අදහස් දැක් වූ වෛද්‍ය මරීනා රිෆායි මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21ක් විය යුතු බවයි.

එය අවුරුදු 25ක් පමණ විය යුතු බවට සුබා කාසීම් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

(Aruna)