Monday, July 07, 2025
Follow Us
13 හැවිරිදි දැරියකට අතවර කළ ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට !

13 හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු පානදුර දකුණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකි.

සැකකාර ගුරුවරයා අදාළ දැරියව පොත් රාක්කයක් අසලට යවා අතවර කර ඇති අතර පන්තිය අවසානයේ දැරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පියාට පැවසීමෙන් අනතුරුව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ගුරුවරයාව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකාර ගුරුවරයා මේ වනවිට අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අතර අද (01) දිනයේදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර දකුණ පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

(LNW)