Monday, July 07, 2025
Follow Us
කඩදාසි මිලත් සියයට 150 කින් ඉහළට - පොත් මුද්‍රණයටත් බලපෑම්

වෙළඳපොලේ කඩදාසි මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කඩදාසි ආනයනය අවම වීමයි.

ගෝලීය තත්ත්වය සහ ඩොලර් අර්බුදය කඩදාසි ආනයනය අවමවීමට හේතුවී ඇති බවට ද වාර්තා වනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පොත් මුද්‍රණයට ගන්නා කඩදාසි මිල සියයට 150 කින් පමණ වැඩිවී ඇති බවයි.

මෙලෙස කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පොත් මුද්‍රණයට දැඩි ලෙස බලපෑම් එල්ලවී ඇති බවත්, පොත් මිල වැඩිවීමේ අවදානමක් ඇති බවත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවා.

පොත් කර්මාන්තයේදී පොතක මුද්‍රණ වියදමෙන් සියයට 30 ත් 32 ත් අතර වැයවන්නේ කඩදාසි සඳහායි. ඒ අනුව කඩදාසි සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙසයි පොත් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ.

(Neth)