අඛණ්ඩව දෙවැනි දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම දහසේ සීමාව ඉක්මවාගොස් තිබෙනවා.
ඒ, ඊයේ දිනයේ ද තවත් කොරෝනා ආසාදිතයින් 1,082ක් වාර්තා වීමත් සමඟයි. ඒ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් සිටින්නේ 06 දෙනෙකු පමණයි. ඉකුත් ජනවාරි 23 වනදා සිට දෛනිකව වාර්තා වෙමින් ඇති කොවිඩ් ආසාදිතයින් ක්‍රමයෙන් වැඩිවෙමින් තිබෙනවා.
පෙරේදා දිනයේ කොවිඩ් ආසාදිතයින් දහසේ සීමාව ඉක්මවා ගියේ මෙම වසරේ පළමු වරටයි. ඒ, මාස 04 කට පමණ පසුව වීම විශේෂත්වයක්. දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අවසන්වරට දහසේ සීමාව ඉක්මවා තිබුණේ ඉකුත් වසරේ සැප්තැම්බර් මස 26 වනදායි.
මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඒ අනුව හය ලක්ෂ 11,185ක් දක්වා ඉහළගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ ආසාදිතයින්ගෙන් සියයට 15 ත් 20 ත් අතර වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. එමෙන්ම රෝහල්ගතවීම් ද වැඩිවෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
(Neth)