දරුවන්ට මේ රෝගය වැළදුනාම සංකූලතා ඇතිවීම ඉතාම අවමයි
කොරෝනා වෛරස වැළදීමෙන් රෝහල්ගතවන දරුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සදහන් කරයි.
එහි ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසුවේ දැනට සති කිහිපයකට පෙර දරුවන් 20කට වඩා අඩු ප්‍රමාණයක් ලැබූ අතර, මේ වන විට දරුවන් 50කට වැඩි පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
දරුවන් රෝහල් ගතවීම පැහැදිලිවම දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම අපි රිජ්වේ ආර්යා ළමා රෝහල් ගත්තත් දැනට සති කිහිපයකට කළින් දරුවන් 20කට වඩා අඩු ප්‍රමාණයක් තමයි ප්‍රතිකාර ලැබුවේ. නමුත් දැනට දරුවන් 50කට වඩා වැඩි ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
නමුත් මෙහිදී විශේෂයෙන්ම කොවිඩ් ආසාදිත දරුවන් ඉතාමත් ඉක්මනින් දිනක් හෝ දෙකක් ඇතුළත නිවස තුළ තබාගෙන ප්‍රතිකාර කිරීමේ කටයුතු කරලා තමයි මෙවැනි ගාණක් දැනට තියෙන්නේ.
සාමාන්‍යයෙන් දරුවන්ට මේ රෝගය වැළදුනාම සංකූලතා ඇතිවීම ඉතාම අවමයි. නමුත් දරුවන් සංඛ්‍යාව වැඩි වන විට මෙම රෝගය පැතිරීම වැඩිවීම තුළින් කලාතුරකින් වුනත් අපිට සංකූලතා සංකීර්ණ අවස්ථා දක්නට ලැබෙනවා.
මාරවිල රෝහලේ දරුවෙක් කොවිඩ් ආසාදනයවීම නිසා මියගිය පුවතක් අපිට අසන්නට ලැබුණා.
(Aruna)