විශේෂඥ වෛද්‍යවරියකගෙන් පැහැදිලි කිරීමක්
කිසියක් පුද්ගලයෙකු එන්නත් තුනම ලබාගෙන සිටිනම් ඔහු ඔමික්‍රොන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද ඔහුට කොවිඩ් වැලඳීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.
එන්නත් තුනම ගත් පුදගලයෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වුවත් සංකූලතාවලින් තොරව මේ රෝගය ඉක්මනින් සුව වෙන බව ඇය පවසයි.
“කොවිඩ් එන්නත සඳහා දෙන එන්නත් තුනම ලබාගෙන සිටින කෙනෙක් නම්, ඔබ ළඟින්ම මේ රෝගියාගේ ආශ්‍රිතයෙක් වුණත් ඔබට මේ රෝගය වැලඳීමට තියෙන අවකාශය ඉතාමත් අඩුවෙනවා. ඒ වගේම වැලඳුනත් ඔබ සංකූලතාවලින් තොරව මේ රෝගය ඉක්මනින් සුව වෙන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවා. ඒ නිසා ඇත්තටම ඔබගේ එදිනෙදා කටයුතුවලින් ඉවත්වෙලා, ඔබ වෙන්ව දවස් ගානක් ඉස්සර ඩෙල්ටා ප්‍රභේදයේ හිටියා වගේ, මේ අවස්ථාවේ දී ඉන්න අවශ්‍යතාවයක් නෑ. ඔබගේ එදිනෙදා කටයුතු කරගන්න මේ මඟින් කිසිදු බාධාවක් වෙන්නේ නෑ.”
(Aruna)