Monday, July 07, 2025
Follow Us
සිමෙන්ති කළු කඩ ජාවාරම නැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

සිමෙන්ති කළු කඩ ජාවාරම නැවැත්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේවනවිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති බෙදාහැරීමේ නියෝජිතයින් වෙත සිමෙන්ති තොග රැගෙන එන විට එම ස්ථානයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙකු යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.

සමාගම්වලින් බෙදාහැරීම් නියෝජිතයින් වෙත සිමෙන්ති තොග රැගෙන යන විට ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දීම අත්‍යවශ්‍ය වනවා. ඉන් අනතුරුව පාරිභෝගික අධිකාරිය විසින් එම සිමෙන්ති තොග රැගෙන යන බෙදාහැරීමේ නියෝජිතයාගේ ගබඩාව වෙත තම නිලධාරියෙකු යොමු කිරීම සිදුකරනවා.

එම නිලධාරියා විසින් බෙදාහැරීමේ නියෝජිතයා සිමෙන්ති බෙදාහැරීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට නියමිතයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ සිමෙන්ති බෙදාහැරීමේ නියෝජිතයින් විසින් වෙළඳ නියෝජිතයින් වෙත සිමෙන්ති ලබාදීම සිදු නොකර වැඩි මිලට පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම හේතුවෙන්.

එලෙස වැඩි මිලට පාරිභෝගිකයින්ට සිමෙන්ති අලෙවි කළ බෙදාහැරීමේ නියෝජිතයින් කිහිපදෙනෙකුට මේවනවිට නඩු පවරා ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)