Monday, February 23, 2026
Follow Us
සිමෙන්ති මාෆියාව සම්බන්ධයෙන් අගමැති දැනුවත් කිරීමට තීරණයක්

රට තුළ ක්‍රියාත්මක සිමෙන්ති මාෆියාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට ලංකා ඉදිකිරීම් සංගමය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඔවුන් දෙදෙනාටම ලිඛිතව දැනුම්දී ඇති බවයි එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ.

සිමෙන්ති වෙළඳපල තැරැව්කරුවන් අතට පත්වීම හේතුවෙන් රට තුළ සිමෙන්ති අර්බුදය දිනෙන් දින උග්‍රවෙමින් ඇති බවයි ඔහු සඳහන් කළේ.

සිමෙන්ති හිගය හේතුවෙන් රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට ද බලපෑම් එල්ල වී තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වී සිටින සේවකයින්ට ද මේ හේතුවෙන් සිය රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවයි ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)