Monday, February 23, 2026
Follow Us
6 ශ්‍රේණියේ සිසුවියක් හදිසියේ මියයයි

පාසලට ගොස් නිවසට පැමිණි සිසුවියට අත්වූ ඉරණම


කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

මියගිය දැරිය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ඉගෙනුම ලබන සිසුවියකි.

අදාළ සිසුවිය මාරවිල රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී (30) මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නැමැති සිසුවියෙකි.

සිසුවිය පසුගිය 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුරු වී මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණ වලදි සිසුවියට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

(Aruna)