Sunday, July 06, 2025
Follow Us
ආනයනය කළ දුම්රිය එන්ජින් 7ක දෝෂ - දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් චෝදනා

මෙරටට ඉන්දියාවෙන් ආනයනය කළ එම් 11 වර්ගයේ දුම්රිය එන්ජින්වල බරපතල තාක්ෂණික දෝෂ පවතින බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මේවනවිට එම වර්ගයේ දුම්රිය එන්ජින් 07 ක් ධාවනයෙන් ඉවත් කර ඇති බවයි එම සංගමය පැවසුවේ.

එම දුම්රිය එන්ජින් ආනයනය කිරීමේදී පත් කළ තාක්ෂණික ඇගයීම් කමිටුව එහි වගකීම භාරගත යුතු බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවා.

එම දුම්රිය එන්ජින්වල පවතින ගැටළු සම්බන්ධයෙන් දුම්රිය එන්ජින් රියදුරන් ඒවා ආනයනය කිරීමට පෙර බලධාරීන් දැනුවත් කළද ඔවුන් ඒ පිළිබඳ සැලකිලිමත් නොවූ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙරටට ආනයනය කළ එම් 11 වර්ගයේ දුම්රිය එන්ජින්වල පවතින දෝෂ සම්බන්ධයෙන් දුම්රිය එන්ජින් රියදුරන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් නෙත් නිවුස් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන කර්මාන්තශාලාව භාර ප්‍රධාන ඉංජිනේරු කීර්ති හේවාවිතාරණගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ දුම්රිය එන්ජින් රියදුරන් නගන එම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

(Neth)