Sunday, July 06, 2025
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙන්න යන දේ

ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප වෙයි ?


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීම පෝල් ෆාබ්‍රේස් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (29) වාර්තා කළා.

එම වාර්තාවල දැක්වුණේ, වෝරික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග තවදුරටත් රැදීසිටීමේ අරමුණින් ෆාබ්‍රේස් එම තීරණය ගෙන ඇති බවයි.

මිකී ආතර්ගේ පුහුණුකාර ධුර කාලය පසුගිය වසරේ දෙසැම්බර් 6 වැනිදායි අවසන්වීමත් සමග නව පුහුණුකරුවෙකු සඳහා අයදුම්පත් 30කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබුණා.

නමුත්, එම අයදුම්කරුවන්ගෙන් කිසිවෙකුටවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ කැමැත්තක් පළවී නැහැ.

එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් එම ධූරය සඳහා යළි කැඳවීමට ක්‍රිකට් බලධාරීන් ෆාබ්‍රේස් සමග සාකච්ඡා කළ බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ,

(Aruna)