Tuesday, April 30, 2024
Follow Us
බත් පැකට්ටුවේ මිල තවත් ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් විටින් විට ඉහළ යාම හමුවේ බත් පැකට්ටුවක් අලෙවි කරන මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් නෙත් නිවුස් වෙත කියා සිටියේ අතරමැදි ව්‍යාපාරිකයන් හේතුවෙන් එලෙස අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් වැඩිවී ඇති බවයි.

ප්‍රමිතියෙන් තොර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැබීම හේතුවෙන් තමන්ට ද ප්‍රමිතියෙන් තොර ආහාර පාරිභෝගිකයින් වෙත ලබාදීමට සිදුවී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රුපියල් 60 ත් 80 ත් අතර පැවති උදෑසන බත් පැකට්ටුවක මිල රුපියල් 120 ත් 150 ත් අතර මිලකටයි අලෙවි වන්නේ. දහවල් බත් පැකට්ටුවක් මීට පෙර අලෙවි වූයේ රුපියල් 130 හේ සිට 150 අතර මිලකටයි. එහෙත් මේ වන විට දහවල් බත් පැකට්ටුවක් රුපියල් 260 ත් 280 ත් අතර මිලකට අලෙවි වන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ.

(Neth)