Tuesday, April 30, 2024
Follow Us
කොවිඩ් වැලඳුණු පසු හැදෙන තවත් රෝගයක්

ස තුනත් හයත් අතර කාලය තුලදී වෙන දේ


කෝවිඩ් රෝගය වැලඳුණු පුද්ගලයන් අතර කොවිඩ් රෝගය වැලඳී මාස තුනත් හයත් අතර කාලයක් යන විට දියවැඩියා රෝගය ඉස්මතු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසනවා.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරන්නේ කෝවිඩ් රෝගය වැළඳුණු පුද්ගලයින් මාස හයකට පමණ පසු ඔවුන්ගේ රුධිරයේ සීනි පරිමාව පරික්ෂා කර ගැනීම යහපත් බවයි.

මීට පෙර දියවැඩියා අවදානමක් නොතිබුණු, පවුලේ කිසිවකුටත් දියවැඩියාව නොමැති, වයසින් අඩු පුද්ගලයින් පවා මෙලෙස අලුතෙන් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ලෝකයේ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසනවා.

(Aruna)