Tuesday, April 30, 2024
Follow Us
වාහන වෙළෙදපොළෙන් ඇහෙන අලුත්ම ආරංචිය

ලංකාවේ දුවන වාහන රත්තරං වෙලා නිවාසවලටත් වඩා මිල ඉහළයි


ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්නා මෝටර් රථ මේ වන විට රන් හා සමානවී ඇති බව අන්තර්ජාතික ඒඑෆ්පී (AFP) පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසින් මේ වන විට මෝටර් රථ වල මිල නිවාස වල මිලටත් වඩා ඉහළගොස් ඇති බවද ඒඑෆ්පී සම්පාදනය පළකර ඇති නවතම වාර්තාවක සඳහන් කර ඇත.

“මිලියන 22ක ජනතාවක් වාසය කරන දූපත බංකොලොත් භාවයේ අද්දර සිටී, උද්ධමනය අධිකවී ඇති අතර ආහාර, බෙහෙත් සහ ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් ඉතිරි කරගැනීම සඳහා රජය “අත්‍යවශ්‍ය නොවන” ආනයන පරාසයක් තහනම් කර ඇත.
මෝටර් රථ වෙළඳපොළේ, මෙම දෙවසරක තහනම විසින්, කර්මාන්තශාලාවලින් නිකුත් කෙරෙන නවතම මෝටර් රථ ශ්‍රී ලංකාවේ මාර්ගවලින් ඉවත් කර ඇති අතර, මංමුලා සහගත ගැනුම්කරුවන්ට පාවිච්චි කරන ලද මෝටර් රථ වෙනුවෙන් ලෝකයේ ඉහළම මිල ගණන් ගෙවීමට බල කරනු ලබයි.” යැයි එම වාර්තාවේ සඳහන් වේ.
වසර පහක් භාවිත කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් මේ වන විට රුපියල් මිලියන 62.5ක් (ඩොලර් 312,500ක්) වැනි අධික මිලකට අලෙවි වන අතර එය ආනයන තහනමට පෙර පැවැති මිල මෙන් තුන්ගුණයක් බවත් එම මුදලින් මධ්‍යම පාන්තිකයකුට කොළඹ නගරයෙන් සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදී ගැනීමට හැකියාව පවතින බවත් එම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

(Aruna)