Tuesday, February 24, 2026
Follow Us
පානදුර ප්‍රහාරයේ හේතුව හෙළිවෙයි ?

ගිලන් රථ රියදුරු නූලෙන් බේරෙයි


පානදුර මූලික රෝහල ඉදිරිපිටදී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකු ඉලක්ක කර (27) වෙඩිතැබීමක් සිදුවුණා.

යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු එම ඝාතනයට තැත්කර තිබුණා.

කෙසේවෙතත් ගිලන් රථ රියදුරුගේ ජීවිතය බේරී තිබුණේ වෙඩික්කරුගේ ගිනිඅවිය අක්‍රියවීම හේතුවෙන්.

පසුව වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් පළාගොස් තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ රියදුරා උතුරු කළුතර තොටුපළ පාරේ පදිංචිකරුවකු බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමට හේතුව ලෙස පසුගිය වසරේ පෙබරවාරි මස 28 වන දින වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් හොරණ දික්හේනපුර ප්‍රදේශයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධ බවට සැක පළ කෙරෙනවා.

එම වැටලීමේදී වලාන දූෂණ මර්දන ඒකකය මගින් රුපියල් කෝටි හතළිස් දෙකක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් හතලිස් දෙකක් සොයා ගනු ලැබුවා.

එම හෙරොයින් ප්‍රවාහනය සඳහා භාවිත කර තිබුණේ ගිලන් රථයක්.

කෙසේ වෙතත් ඒ සම්බන්ධව තවමත් තහවුරු කර ගෙන නැති බවයි උසස් පොලිස් නිලධාරියකු පවසා සිටියේ.

සිද්ධිය වූ ස්ථානය අවට ප්‍රදේශය පානදුර අපරාධ සිදුවීම් ස්ථානීය පරීක්ෂණ කණ්ඩායම් පැමිණ දැඩි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

(Aruna)