Sunday, July 06, 2025
Follow Us
කුලී රථවලට අලුත් ස්ටිකරයක්

කුලී ත්‍රිරෝද රථ වලට මනු සවි කිරීම පෙබරවාරි 1 සිට


කුලී ත්‍රිරෝද රථ සදහා මනු සවි කිරීමේ වැඩපිළිවෙළ මෙම වසරේ පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධ්‍යක්ෂ එස්. එන්. අකුරන්තිලක මහතා පැවසුවේ 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිත හා සේවා පනතේ විධිවිධානවලට අනුව මෙම කුලී රථ මනු ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම හෝ විකිණීමට පෙර වෙළෙද කටයුතු සදහා භාවිතයට සුදුසු බව පරීක්ෂා කරන ලද මාදිලි අනුමැතිය දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු බවයි.

මෙම මාදිලි අනුමැතිය ලබාගත් වෙළෙද ආයතනවලට පමණක් කුලී රථවලට මනු විකිණීමටත්, සවිකිරීමටත් අවසර ලැබෙන අතර, එසේ නොවන වෙළෙද ආයතනවලින් කුලී රථවලට මනු මිලදී නොගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

එමෙන්ම ප්‍රා‌දේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කුලී රථ මනු පරීක්ෂා කිරීමට ජංගම කුලී රථ මනු සේවා මධ්‍යස්ථාන පිහිටුවීමටත්, අනුමත කුලී රථ මනු සදහා හදුනාගැනීමේ ස්ටිකරයක් ඇලවීමටත් තම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එස්.එන්. අකුරන්තිලක මහතා සදහන් කරයි.
මෙම වැඩපිළිවෙළෙහි මූලික අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිත අතර, ජංගම කුලී රථ මනු සේවා මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වල පෙරවරු 9.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

එම වැඩසටහන පැවැත්වන දිනයන් පහතින් වේ….

(Aruna)