Sunday, July 06, 2025
Follow Us
කඩදාසි මිලත් ඉහළට

ඩොලර් අර්බුදයෙන් පොත් ප්‍රකාශනයට බාධා


මෙරට පවතින දැඩි ඩොලර් අර්බුදයත් සමග පොත් ප්‍රකාශනයට යොදාගන්නා 70gsm නමැති කඩදාසිවල මිල ගණන් ද රුපියල් දෙදහසකින් පමණ වැඩි වී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් උපාලි වනිගසූරිය පැවසුවේය.

ඒ අනුව පෙර තිබූ රුපියල් තුන්දහසේ කඩදාසි රෝලක් මේ වනවිට පන්දහස දක්වා ඉහළ ගොස් ඇත. අමුද්‍රව්‍ය හිඟයක් නොපැවතුණ ද අධික මිල හේතුවෙන් අමුද්‍රව්‍ය සපයාගැනීමට නොහැකිව මේ වනවිට ඇතැම් පොත් ප්‍රකාශන ආයතන වැසී යන මට්ටමේ පවතින බව ද අනාවරණය වෙයි.

කඩදාසිවල පවතින මිල ඉහළ යාමත් සමග ඒ හා සාපේක්ෂව පොතක මිල ද 50%කින් ඉහළ දැමීමට සිදුවන බව ලේකම්වරයා සඳහන් කළේය.

(Aruna)