Sunday, July 06, 2025
Follow Us
දේවස්ථාන බෝම්බයට සම්බන්ධ වෛද්‍යවරයාගෙන් රහස් ප්‍රකාශයක්

අධිකරණයේදී අනාවරණය වූ දේ


බොරැල්ල දේවස්ථාන පරිශ්‍රයකින් අත් බෝම්බයක් සොයා ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍යවරයා විසින් අධිකරණයට පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

මේ අතර පාස්කු ප්‍රහාරයේ දින 1000 සිහි කිරීම අඩාල කිරීමේ අරමුණින් බොරැල්ල දේවස්ථානයේ බෝම්බය තබන්නට ඇතැයි සැක මතුවන බවට 25 අධිකරණයේදී අනාවරණ වුණා.

ඒ, රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින දේවස්ථානයේ සේවකයෙකු ඇතුළු තිදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා කරුණු දැක් වූ අවස්ථාවේදී.

මේ අතර එම නඩුව 25 කැඳ වූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය සිද්ධිය සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.

(Aruna)