Tuesday, February 24, 2026
Follow Us
ෙහට වර්ජනය කරන අය මෙන්න

දිවයින පුරා සංකේත වැඩවර්ජනයක්


ලබන 28 වනදා දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමට විදුහල්පති සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

මේ මස 5 වනදා ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් නිකුත් කෙරුණු චක්‍රලේඛය මගින් විදුහල්පතිවරුන්ට නව වැටුප් විෂමතාවක් හට ගෙන ඇති බව පවසමින් මෙලෙස වර්ජනයේ නිරත වීමට තීරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදි එකම දින පත්වීම් ලැබ සමාන සුදුසුකම් සහිත ගුරුසේවයේ නිරත නිලධාරීන්ට විදුහල්පති සේවයේ නිළධාරීයාට වඩා වැඩි වැටුප් වැඩිවීමක් හිමිවී ඇති බව විදුහල්පති සමිති සන්ධානය පැවසුවා.

මේ අතර, ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් ඉහළ දැමීමට සාපේක්ෂව අධ්‍යාපන පරිපාලන හා ගුරු අධ්‍යාපනඥ සේවා වල ද වැටුප් වැඩි කරන ලෙස බල කරමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය ඊයේ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

(Aruna)