Friday, April 19, 2024
Follow Us
රුමේෂ් රත්නායකට ලැබුනු අලුත්ම තනතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්


ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විතT20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නායක මහතා පත්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ බව සදහන් කර ඇත.

රුමේෂ් රත්නයක පසුගිය සිම්බාබ්වේ තරගාවලියේදීද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළේය.

කෙසේ වෙතත් රුමේෂ් රත්නායක මේ වන විට කොවිඩ් ආසාදිතව සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවට ගමන් නොකරන බව අතර, පළමු තරගය ආරම්භයට පෙර ඔහු කණ්ඩායම සමග එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

(Aruna)