Saturday, April 27, 2024
Follow Us
තවත් බලාගාරයක් අක්‍රීය වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස Sojitz පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වන බව එම මණ්ඩලය සඳහන් කළා.

කෙසේවෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්‍රිය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

මේ සම්බන්ධයෙන් අද දිනයේ එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පිරිසක් බලාගාරය වෙත ගොස් සොයාබැලීමක් සිදුකිරීමට නියමිත බවට වාර්තාවනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන සැපයුම ප්‍රමාණවත් බැවින් හෙට දිනය දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකළ යුතු බවට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර තිබෙනවා.

හෙට දිනයෙන් පසු ඉන්ධන සැපයුම පිළිබඳ සලකා බලා තීරණයක් ගැනීමට නියමිත බවද එම කොමිසම සඳහන් කළා.

(Aruna)