Wednesday, October 23, 2024
Follow Us
බෝරා සමුළුවට රටවල් 40කින් 21000ක් කොළඹට

විසි එක් දහසක පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ 01දා ආරම්භ වන බෝරාවරුන්ගේ සමුළුව වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදා ඇත. සමුළුවට සමගාමීව මුහුදු හා ගුවන් මෙන්ම ගොඩ බිම ආරක්ෂාව තහවුරු කර තිබේ. ඒ සඳහා අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද යොදවා තිබේ. දින දහයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව කොළඹ 4 වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලියේදී පැවැත්වේ.

පසුගිය සිකුරාදා වන විට ඒ සඳහා බෝරා ඔවුන් ජීවත් වන ප්‍රධාන රටවල් 40කින් අටදහසකට අධික පිරිසක් පැමිණ සිටියහ.

මේ හේතුවෙන් කළුතර සිට මීගමුව දක්වා මුහුදු සීමාවේ හා රට තුළට අවිස්සාවේල්ල, නිට්ටඹුව දක්වා වූ ප්‍රධාන හෝටල් සියල්ලක්ම වාගේ වෙන්කරවා ගෙන ඇත. මෙම සමුළුව නිසා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 130ක ආදායමක් ලැබෙන බවටද වාර්තා වේ. ඔවුන්ගෙන් මැණික් හා අත්කර්මාන්ත නිපැයුම්වලට වැඩි ඉල්ලුමක්ද පවතියි.

ලෝකයේම බෝරාවරුන් ලක්ෂ 12කට ආසන්න පිරිසක් සිටින අතර ලංකාවේ ඉන් දෙදහස් හයසියයකට ආසන්න පිරිසක් ජීවත් වෙති. වැඩිම පිරිසක් ඉන්දියාවේ ජීවත් වන අතර බෝරාවරුන්ගේ නායකයා ආචාර්ය සෙයිඩ් මුෆාචාල් සයිෆුදීන් ද පසුගිය සති අන්තයේ දිවයිනට පැමිණියේය.

(Aruna)