Tuesday, February 24, 2026
Follow Us
වී ගොවීන්ට දෙන වන්දිය බඩඉරිඟු ගොවීනුත් ඉල්ලයි

වී ගොවීන්ට ලබාදෙන වන්දිය තමන්ට ද ලබාදිය යුතු බව බඩඉරිඟු ගොවීන් පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ බඩඉරිඟු ගොවීන් පැවසුවේ පොහොර අර්බුදය හේතුවෙන් තම වගාවන්ට ද දැඩි හානියක් සිදුවූ බවයි.

කෙසේවෙතත් වන්දි ලබාදීම සිදුකරන්නේ වී ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ තහවුරු කළා.

කෙසේවෙතත් බඩඉරිඟු ගොවීන් පැවසුවේ පොහොර අර්බුදය හේතුවෙන් තම වගාවන්ට ද හානි සිදුව ඇති බැවින් වී ගොවීන්ට පමණක් වන්දි ලබාදීම අසාධාරණ බවයි.

බඩඉරිගු වගාවට නියමිත පරිදි කිසිදු පොහොරක් නොලැබුණු බවද ඔහු කියා සිටියා.

පොහොර අර්බුදය හේතුවෙන් වී ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රුපියල් බිලියන 40 ක් වෙන් කර ඇති බව රජය ඊයේ ප්‍රකාශ කළා.

(Neth)