Tuesday, February 24, 2026
Follow Us
IDH ධාරිතාව ඉක්මවා යයි – ඉදිරි සති දෙක තීරණාත්මකයි

ඔක්සිජන් අවශ්‍යතාවත් ඉහළට

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසනවා.

මේ වන විට දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

(25) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අයි.ඩී.එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ඒ බව පැවසුවා.

“විශේෂයෙන්ම පසුගිය සතිය හා සසදනකොට මේ සතියේ කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළුවන රෝගීන් 50%ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම සංකූලතාවලට ලක්වන අය, ඔක්සිජන් සැපයීමට අවශ්‍යවන අය, දැඩි සත්කාර ඒකකවලට යොමු කළ යුතු රෝගීන් සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙනවා. භාහිර රෝගී අංශය හරහා අනුක ජීව විද්‍යාගාරය වෙත ඉදිරිපත්වන PCR පරික්ෂණවලින් 50%- 60% අතර ප්‍රමාණයක් ආසාදිත බවට තහවුරුවන බව අපට ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍යතුමිය ප්‍රකාශ කළා. ඒ අනුව කාරනා පෙළගැස්වීමේදී අපිට බලාපොරොත්තුවෙන් පුළුවන් ඉදිරි සති දෙක ඇතුළුත විශාල රෝගීන් සංඛ්‍යාවක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පහේ වාර්තා වෙයි කියලා.”

(Aruna)