සුරූපි කතුන් දසදෙනෙකු අත්අඩංගුවට
කොල්ලුපිටිය ඇල්ෆ්‍ර් හවුස් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි කළමනාකාරිය ඇතුළු කාන්තාවන් දසදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය පොලීසිය පැවසුවේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් එම ගණිකා මඩම පවත්වාගෙන ගොස් ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 27, 32, 33, 41, 42 සහ 52 පසුවන අත්තිඩිය, කැළිනය, ඕපනායක, ගොකරැල්ල, පිළියන්දල, මාතර සහ නුවර යන ප්‍රදේශවල පදංචි විවාහක කාන්තාවන් බව පොලීසිය සදහන් කරයි.
එහි කළමණාකාරිනිය කදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක කාන්තාවකි.
අදාළ ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ ලබාදෙන බව ද මූලික ප්‍රශ්න කිරීම් වලින් පොලීසිය අනාවරණය කර ගෙන ඇත.
සැකකාරියන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(Aruna)